About Us

Friday, December 8, 2017

කරවිල මිශ්‍ර කැරට් සම්බෝලය

#කරවිල මිශ්‍ර කැරට් සම්බෝලය#


හීනියට කපා ගත් කැරට් ටිකක්,අමු මිරිස් කරල් දෙකක්,ළූණු ටිකක්,උම්බලකඩ සහ පොල් මේ සියල්ල salt අවශ්‍ය පමනට සහ ගම්මිරිස් ස්වල්පයක් සමඟ මිශ්‍ර කර ගන්න.බාගෙට බැද ගනිපු කරවිල ටිකක් ගෙන එයටම මිශ්‍ර කරගෙන දෙහි ඇඹුල් ස්වල්පයක් දමා ගන්න.
(කරවිල කර වෙන්න බඳින්නේ නෑ...අමු ගතිය නැතිව මැලවුණු පෙනුමක් එනකල් බැද ගන්න)

සිංහල අච්චාරු

#සිංහල අච්චාරු#


රතු ලුණු 250g 
කැරට් 2 (අඟල් 2 පමණ දිග කූරු වලට කපා ගන්න)
බෝංචි 5 (අවශ්‍යනම් )
මිරිස් කරල් 15ක් (වෙන් නොවන සේ දෙකට පලා ගත්)
කුඩා ගැට ගස්ලබු ගෙඩියක් (අඟල් 2 පමණ දිග කූරු වලට කපා ගත් ගන්න)
විනාකිරි කෝප්ප 1ක්
අබ කුඩු මේස හැඳි 1-2ක්
ලුණු
ඉඟුරු කැබැල්ලක් (අඟල 2 පමණ දිග)
සුදු ලුණු ගෙඩි 1ක්
කහ කුඩු ස්වල්පයක්
අබ, ලුණු, ඉඟුරු, සුදු ලුණු හා කහ කුඩු සියල්ල එකට දමා හොඳින් අඹරා ගන්න. ඉන් පසු විනාකිරි ටික මැටි භාජනයකට දමා හොඳින් උතුරුවා ගන්න. ඉන්පසු රතු ලුණු, කැරට්, බෝංචි, මිරිස් කරල් හා ගස්ලබු ටික වෙන වෙනම විනාකිරි වල දමා තප්පර 30 ක් පමණ වෙලාවක් තම්බා ගන්න.
ඉන්පසු කලින් අඹරා ගත් අබ හා ඉඟුරු මිශ්‍රණය විනාකිරි භාජනයට දමා මිනිත්තු 2 ක් පමණ හොඳින් උයා ගන්න. දැන් විනාකිරි මිශ්‍රණය ලිපෙන් ඉවතට ගෙන කලින් සකස් කරන ලද එළවලු සියල්ල එක්‌ කර හොඳින් කලවම් කර ගන්න.
ඉන්පසු හොඳින් වේලා ගත් පිරිසිදු විදුරු බෝතලයකට හෝ මැටි මුට්ටියක දමා කල් තබා ගත හැක.
මෙය හරිම රසයි වගේම හොද සුවදකුත් එනවා.
අච්චාරු සාදන විට මැටි හට්ටියක් භාවිතා කිරීම ඉතා වැදගත්ය. එලෙසම තෙත නැති පිරිසිදු හැන්දක් භාවිතා කළහොත් මෙය මාස 5-6 ක පමණ කාලයක් කල් තබා ගත හැක.

කැකිරි මාළුව

 #කැකිරි මාළුව#



කැකිරි ගෙඩියක් පොතු හැර සුද්ද කර ඇට ඉවත් කර කෑලි කපා ගන්න.
ළූනු,සුදු ළූනු,කරපිංචා,රම්පෙ,උලුහාල්,කුරුදු කෑල්ලක්,අබ ඇට ස්වල්පයක් සමඟ තෙම්පරාදුවක් දමා ගන්න.
කැකිරි ටිකට කහ,අමු තුනපහ,බැදපු තුනපහ,මිරිස් කුඩු ස්වල්පයක් ලුණු කුඩු සමඟ තෙම්පරාදු කර ගත් සියල්ල දමා මිටි කිරි අවශ්‍ය පමණ දමා පිස ගන්න.

බැද ගත් පොල් සහ හාල් මිශ්‍ර වට්ටක්කා මාළුව


# බැද ගත් පොල් සහ හාල් මිශ්‍ර වට්ටක්කා මාළුව#




සුපුරුදු පරිදි කරපිංචා,රම්පෙ,සුදු ලූනු,කුරුදු ටිකක්,ළූණු සහ salt ටිකක් දමා දිය කිරි ටිකක් සමඟ අමු තුන පහ,කහ ටිකක්,බැදුපු තුන පහ සහ මිරිස් කුඩු ටිකක් අවශ්‍ය පමණ දමා වට්ටක්කා පිස ගන්න.වට්ටක්කා තැම්බූනු විට මිටි කිරි දමා ගන්න.

කැකුළු සහල් ටිකක්,පොල් ටිකක් හොදින් කබලෙ බැදගෙන වන්ගෙඩියට දමා කරාබු නැටි දෙකක්,සුදුරු ටිකක් සහ කරදමුන්ගු සමඟ කොටා ගන්න.(or grind කර ගන්න)

කොටා ගත් මිශ්‍රණය වට්ටක්කා එකට දමා හොඳි හින්දලා ලිපෙන් ඉවත් කර ගන්න.
(මැටි හට්ටියක පිස ගන්න)

කෙකටිය දළු තෙම්පරාදුව

 #කෙකටිය දළු තෙම්පරාදුව#




කෙකටිය දළු මිටියක්



කෙකටිය දළු තරමක් සිහින්ව කපාගෙන සෝදා වතුර බේරා ගන්න.ළූණු,සුදු ළූනු,කරපිංචා,රම්පෙ,කුරුඳු පොත්තක් සහ තක්කාලි ගෙඩියක් සමඟ උම්බලකඩ තෙල් ස්වල්පයක් දමා තෙම්පරාදු කර ගන්න.කෑලි මිරිස් සහ ලුණු කුඩු ස්වල්පයක් එක් කර ගන්න.කපා ගත් කෙකටිය දළු ටික එයට දමා මද වේලාවක් ළිපෙහි තබා ඉවතට ගන්න.
(වර්ණය ගැන සැලකිලිමත් වෙන්න.ඒ වගේම කෑලි මිරිස් ස්වල්පයක් පමණක් එක් කරගෙන ස්වභාවික රස රැක ගන්න)

ඉස්සෝ



කිරි කොස් මාළුව

#කිරි කොස් මාළුව#


කොස් මදුළු කුඩාවට කපාගෙන,කොස් ඇට පොතු හැර ගන්න.සෝදාගෙන මැටි හට්ටියකට සියල්ල දමා ළූණු,සුදු ළූනු,කරපිංචා,රම්පෙ,කුරුඳු පොත්තක්,තලා ගත් ඉඟුරු කැබැල්ලක්,අමු මිරිස්,උලුහාල් ස්වල්පයක් සමඟ කහ,ලුණු කුඩු දමා දිය කිරි ස්වල්පයක්ද දමා තම්බ ගන්න.
කොස් ටික තැම්බූනු විට අමු තුනපහ,බැදපු තුනපහ සමඟ ලුණු අවශ්‍ය නම් එක් කර මිටි කිරි දමා මද ගින්නේ පිස ගන්න.
(සූදුරු සමඟ අබ ඇට ටිකක් කොටා එකතු කර ගතහොත් කිරි කොස් මාළුව තවත් රසවත් වේ)

කොස් ඇට කළුපොල් මාලුව

#කොස් ඇට කළුපොල් මාලුව#




කොස් ඇට යන්තමින් තලා ගන්න.පොතු ඉවත් නොකර මදක් තම්බන්න.
හට්ටියකට තෙල් ටිකක් දමා සුදු ළූනු,ඉඟුරු,කරපිංචා,රම්ප,ළූණු සහ salt ටිකක් දමා තෙම්පරාදු කර ගන්න.තෙම්පරාදුවටම 
අමු තුනපහ,කහ,ගම්මිරිස්,මිරිස් කුඩු,බැදපු තුනපහ සහ කුරුඳු පොත්තක් දමා සියල්ල කර නොවෙන්න යන්තමින් බැද ගන්න..මෙයට මිටි කිරි ටිකක් එකතු කර උලුහාල් ඇට කිහිපයක් දමා තම්බා ගන්න.හොදින් තැම්බූ පසු මෙයට කොස් ඇට ටික එකතු කර ගන්න.
හොඳි හිදෙන්න ආසන්න විටදී බැද ගත් හාල් පොල් මිශ්‍රණය (කැකුළු හාල් ස්වල්පයක්,පොල් ටිකක්,කරාබු නැටි දෙකක් සහ කරදමුන්ගු කරලක් බැද ගන්න.මේ සියල්ල කොටා ගන්න).මෙය එකතු කර මද වේලාවක් ළිප තබා හින්දලා ඉවතට ගන්න.

බැදපු කොස් තීරු


#බැදපු කොස් තීරු#

Jackfruit Chips



හාල්මැස්සන් මිශ්‍ර වම්බටු ව්‍යාන්ජනය

#හාල්මැස්සන් මිශ්‍ර වම්බටු ව්‍යාන්ජනය#



චව් චව් මැල්ලුම

#චව් චව් මැල්ලුම#




පිපින්යා කපන ආකාරයට චව් චව් ගෙඩි සුද්ද කර හීනියට කපා ගන්න.ලුණු කුඩු,රම්පෙ කැබැල්ලක්,කුරුඳු පොත්තක් හා කරපිංචා කොළ කිහිපයක් සමඟ තැම්බීමට වතුර දමා ළිප තියන්න.
පොල් මැල්ලුම සාදා ගන්න.(පොල්,අමු මිරිස්,සුදු ලූනු,ලුනු ස්වල්පයක්,අබ කුඩු ටිකක්,ගම්මිරිස් ස්වල්පයක් උම්බලකඩ ස්වල්පයක් ද දමා හොඳින් කොටා ගන්න)
වතුර සිදී එන විට පොල් මැල්ලුම දමන්න.මද ගින්නේ පිස ගන්න.(කෑලි මිරිස් වලින් තෙම්පරාදුවක් දමා මේ අවස්ථාවේ එකතු කර ගතහොත් වැඩි රසයක් ලැබේ).
වතුර ගතිය සිදුන විටදී ළිපෙන් ඉවත් කරන්න.
චව් චව් ගැන...
කෘත්‍රිම වස විස වසංගතය රට පුරා පැතිර ගොස් ඇති සමයක රසවත් ගුණ සපිරි ආහාරයකි.
චව් චව් ආකාර කිහිපයකට සෑදිය හැකිය.මැල්ලුම,ඇඹුල,කිරට,මිරිසට,කොස් ඇට සමග සහ පරිප්පු සමඟ.
චව් චව් ගුණදායක ඇයි?
*සිරුරේ බර වැඩිවීම පාලනය
*කොලෙස්ටරෝල් අඩු කිරීම
*රුධිර පීඩනය යහපත් මට්ටමක පවත්වා ගැනීම
*හදවත සුවපත්ව තබා ගැනීම
*රුධිර පීඩනය සමනය කර හදවත සුරැකීම
*ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයට
*මළ බද්ධය හා අර්ශස් රෝග මැඩ පැවැත්වීම
*ගැබිනි මවුවරුන් මුල් තුන් මාසයේ ආහාරයට ගැනීමෙන් කලලයේ ඇතිවන ස්වභාවික විකෘථි වලක්වා නිරෝගී දරුසම්පතක් ලබා ගැනීමට
උපකාරී වෙයි.ගැබිණි මවුවරුන්ට ලබා දෙන ෆෝලික් ඇසිඩ්, චව් චව් වලබහුලව තිබීම ඊට හේතුවයි.මේ නිසා කෘත්‍රිම ආහාර වෙනුවට මෙවැනි ආහාර සතියට තුන් හතර වතාවක් වත් ආහාරයට ගැනීම ගුණදායකයි.

අටු කොස් දැමූ දෙල් කොස් ඇට මාළුව

#අටු කොස් දැමූ දෙල් කොස් ඇට මාළුව#


දෙල් කොස් ඇට


හොඳින් පැසුණු දෙල් කොස්‌ ගෙඩියක ඇට ජලයේ හොඳින් තම්බා වතුර ඉවත් කරගෙන අව්වේ දින කීපයක්‌ හොදින් වේලා ගැනීමෙන් දෙල් අටු කොස් සාදා ගනි.භාජනයක අසුරා මාස කීපයකට පසුව උවද පිස ගතහැකිය. අටුකොස්‌ ඇටවලින් ආහාර පිස ගැනීමට පෙර මේවා මඳ වේලාවක්‌ වතුරේ දමා පොඟවා ගත යුතු ය.
වතුරට දමා පොඟවා ගත් දෙල් කොස් ඇට ටික වතුර අවශ්‍ය පමණ දමා තම්බා ගන්න.තෙම්පරාදුවක් දමා (ළූනු,සුදු ළූණු,ඉගුරු,රම්ප,කරපිංචා,කෑලි මිරිස් සහ ලුණු කුඩු දමා තෙම්පරාදුව කරන්න).එයට මිටි කිරි දිය කිරි එකට දමන්න.තම්බා ගත් දෙල් කොස් ඇට ටික මෙයට දමන්න.අමු තුනපහ,මිරිස් කුඩු,කහ ස්වල්පයක්,ලුණු කුඩු,බැදපු තුනපහ,උලු හාල් ඇට ස්වල්පයක්,කුරුඳු පොත්තක්,රම්පෙ කැබැල්ලක් දමා (සූදුරු,අබ ඇට ටිකක් තලා හොද්දට එකතු කර මද ගින්නේ උයා ගන්න.

වියලි ඉස්සන් බැදුමක්

#වියලි ඉස්සන් බැදුමක්#