About Us

Friday, December 8, 2017

හාල්මැස්සන් හා වියලි මිරිස් මිශ්‍ර තිබ්බටු මැල්ලුම

#හාල්මැස්සන් හා වියලි මිරිස් මිශ්‍ර තිබ්බටු මැල්ලුම#



තිබ්බටු සෝදා ගන්න.දෙකට පලා ගන්න.හොඳින් බලන්න.සමහර වේලාවට පණුවන් ඉන්න පුළුවන්.දෙකට පලා ගත් තිබ්බටු වතුරට දමා ගන්න.නැත්නම් පාට වෙනස් වෙනවා
තුනපහ සහ ලුණු චුට්ටක් දාලා තිබ්බටු ටික වතුර ටිකක් එක්ක ළිපෙ තියන්න.කරපිංචා,රම්පෙ,කුරුදු පොත්තක් දමා ගන්න.

පොල් ටිකක්,අමු මිරිස් කරල් දෙකක්,සුදු ළූණු බික් දෙකක්,අබ,suduru ටිකක්,රතු ළූණු සමඟ කොටා ගන්න.salt ටිකකුත් දාන්න.

හාල්මැස්සන් සහ වියලි මිරිස් බැදලා තියා ගන්න...

තැම්බූනු තිබ්බටු ටිකට පොල් මැල්ලුම දමා මිශ්‍ර කර ගන්න.හාල්මැස්සන් සහ වියලි මිරිස් ටිකත් දමා ටික වේලාවක් ළිපෙහි තියා ගන්න.

(මැටි හට්ටියක උයන්න)

No comments:

Post a Comment