About Us

Friday, December 8, 2017

වම්බටු මෝජු

#වම්බටු මෝජු#



වම්බටු තීරු වලට කපා ගෙන කහ,ලුනු කුඩු අතගා ගැඹුරු තෙල් වල බැද ගන්න රන්වන් පාට වනතෙක්.

රතු ලූනු සහ අමු මිරිස් එම තෙල් එකෙන්ම බැද ගන්න.
(අමු මිරිස් කරල් වෙන් නොවෙන්න දෙකට කපා බඳින්න.පාට වෙනස් නොවෙන්න තත්පර කිහිපයක් තෙල්වල තබා ඉවතට ගන්න.එලෙසම රතු ලූනු තත්පර කිහිපයක් ළිපෙහි තබා ඉවතට ගන්න.)

හාල්මැස්සන් ද ගැඹුරු තෙල් වලින් බැද ගන්න.

ඉඟුරු,සුදු ළූනු හොඳින් කොටා හෝ අඹරා paste එකක් සාදා ගන්න.

භාජනයකට තෙල් දමා විනාකිරි,aba කුඩු,මිරිස් කුඩු,කහ,බැඳපු තුනපහ,salt ටිකක් සමඟ ඉඟුරු සුදු ළූනු paste එක දමා ගන්න.හොඳින් මිශ්‍ර කරගෙන ටික වේලාවක් ළිපෙහි තියෙද්දී සීනි අවශ්‍ය පමණ එකතු කර ගන්න.
ඒත් එක්කම එයට කලින් බැද ගත් හාල්මැස්සන්,අමු මිරිස්,රතු ළූනු සහ වම්බටු එකතු කරගෙන හෙමින් කලවම් කර ගන්න.
තත්පර කිහිපයකදි ළිපෙන් ඉවත් කර ගන්න.

(වර්ණය රැක ගන්න.වැඩි රසයක් ලබා ගැනීමට දර ළිපෙහි උයන්න.)

No comments:

Post a Comment