About Us

Friday, December 8, 2017

#බිත්තර ඔම්ලට් කරිය#
Egg Omlet Curry





Omlet එක මුලින්ම සාදා ගන්න.
ළූනු,අමු මිරිස්,ගම්මිරිස්,ලුණු කුඩු,කහ ස්වල්පයක්,බිත්තර දෙකක් සමඟ එකතු කර හොඳින් කලවම් කර ගන්න. omlet එකක් සාදා ගන්න.උණුවෙන්ම කොටු හැඩයට කපා ගන්න.

ළූණු,රම්පෙ,කරපිංචා,සුදු ලූනු,ඉගුරු ස්වල්පයක් අබ ඇට ටිකක් සමඟ කෑලි මිරිස් දමා තෙම්පරාදු කර ගන්න.එයට උකු පොල් කිරි දමා හොද්දක් පිස ගන්න.මෙයට අමු තුනපහ,මිරිස් කුඩු ස්වල්පයක්,බැදපු තුනපහ,ලුණු කුඩු ටිකක්,බැදපු උලු හාල් ඇට ස්වල්පයක්,තක්කාලි ගෙඩියක් එකතු කර ගන්න.

හොඳින් පිසුනු හොද්දට කපා ගත් omlet කැබලි ටික දමා හොදි හිදෙනකම් පිස ගන්න.

No comments:

Post a Comment