වම්බටු අකැමැත්තෙන් කන අයට ඉතාම රසවත්ව පිළියෙල කල හැකි ආකාරයකි.
වම්බටු කැමති ආකාරයට කපා සෝදා ගන්න.කහ කුඩු,මිරිස් කුඩු,අමු තුනපහ,බැදපු තුනපහ සහ ලුණු කුඩු අතගා 15min තියන්න.
කැකුළු සහල්,පොල්,කරාබු නැටි දෙකක් සහ කරදමුන්ගු කරලක් දුඹුරු පාට වනතුරු කබලෙ බැද (කර කර ගන්න එපා).හොඳින් කොටා ගන්න.or grind කර ගන්න.
තෙම්පරාදුවක් කර ළූනු,අමු මිරිස්,කරපිංචා,රම්පෙ සහ කුරුදු පොත්තක් දමා එයට වම්බටු ටික එකතු කරන්න.
කරවල කෑල්ලක් හෝ කිහිපයක් ද තෙම්පරාදුවටම එකතු කරගෙන බැද ගන්න.
අවශ්‍ය පමණ මිටි කිරි,දිය කිරි එකට දමා මද ගින්නේ උයා ගන්න.(ලුණු රස වගේම තුනපහ අවශ්‍ය පදමට තිබේදැයි බලන්න)
හිදීගෙන එන විට බැද කොටා ගත් හාල්,පොල් ටික එකතු කරන්න.මද වේලාවක් පිස ගෙන ළිපෙන් ඉවත් කර ගන්න.

No comments:
Post a Comment