About Us

Friday, December 8, 2017


#කොස් ඇට ව්‍යාන්ජනය#




කොස් ඇට ආහාරයට එක් කර ගැනීමේ වැදගත්කම....

කොස් ඇට ආහාරයට ගැනීම ඉතාම ගුණදායකයි. කොස් ඇට ප්‍රෝටීන් බහුල ආහාරයක්. එහි ඇති ඛණිජ ලවණ නිසා මානසික ආතතිය අඩු කරයි. සමේ සෞඛ්‍ය ද රැක දෙයි. කොස් ඇට ආහාරයට එක් කරගැනීමෙන් සමෙහි තෙතමනය ආරක්ෂා වේ. හිසකෙස් වල ශක්තිය වැඩි වේ. යකඩ බහුලත්වය නිසා හීමොග්ලොබින් නිෂ්පාදන ක්‍රියාවලිය හොඳින් සිදු වීමට උපකාර වේ. නිර්මාංශ පුද්ගලයන් නිති පතා කොස් ඇට ආහාරයට එක් කර ගැනීමෙන් නීරක්තිය හා රුධිරය සම්බන්ධ සංකූලතා ඇති වීමේ අවදානම අවම වේ.හෘදය හා මොළය සෞඛ්‍යමත්ව තබා ගැනීමට උපකාර වෙයි. සම, හිසකෙස් සෞඛ්‍යමත්ව පවත්වා ගැනීමට මෙන්ම පිළිකා නැසීමේ ගුණයක් ඇති අතර.රුධිර කැටි සෑදීමේ අවදානම අවම කරයි. කොස් ඇට වල තන්තු බහුල නිසා මළ බද්ධය සඳහාද ප්‍රෝටීන බහුල නිසා මාංශ පේශි වර්ධනයටද උපකාර වෙයි.

No comments:

Post a Comment