#මඤ්ඤොක්කා මිශ්‍ර කුරක්කන් රොටි සමඟ තිබ්බටු මිශ්‍ර කූනිස්සෝ මැල්ලුම#
මඤ්ඤොක්කා තම්බා පොඩි කර ගන්න.එයට කුරක්කන් පිටි කප් 2ක්,ලූනු ගෙඩියක්,කරපිංචා කොල කිහිපයක් සහ අමු මිරිස් කරල් දෙකක් සිහින්ව කපා එකතු කර ගන්න,තෙල් ස්වල්පයක්ද එක් කරන්න.ලුණු රස අනුව එක් කරන්න.(පාන් පිටි මේස හැඳි කිහිපයක් අවශ්‍ය නම් එකතු කරන්න)
මේ සියල්ල හොඳින් අනා කුඩා බෝල සාදා විනාඩි 20ක් තබන්න.ඊට පසුව රොටි සාදා ගන්න.(මද ගින්නේ රොටිය පුලුස්සා ගන්න).
මේ සියල්ල හොඳින් අනා කුඩා බෝල සාදා විනාඩි 20ක් තබන්න.ඊට පසුව රොටි සාදා ගන්න.(මද ගින්නේ රොටිය පුලුස්සා ගන්න).
කැමති නම් පොල් එකතු කරගෙන පොල් රොටි ආකාරයටම උවද සාදා ගත හැකිය.
පරිප්පු,මස් හෝ මාළු කරියක් සමඟ උවද කෑමට ගත හැකි ඉතාම රසවත් ආහාරයකි.

No comments:
Post a Comment