About Us

Friday, December 8, 2017

#කරපිංචා සම්බෝලය#




කරපිංචා කොල ස්වල්පයක් 
ගාගත් පොල්
කපාගත් ලොකු ලූනු
අමු මිරිස් කරල් 
උම්බලකඩ ස්වල්පයක් 
දෙහි
ලුනු

දෙහි හැර අනෙක් සියල්ලම වතුර ස්වල්පයක් දමා හොදින් අඹරා ගන්න.(කැමති ආකාරයට)
ඉන්පසු උම්බලකඩ එකතු කරන්න.රස පදමට දෙහි එක් කරන්න.

ස්වභාවික රස කාරකයක් වන කරපිංචා වල ඉතා ඉහල ඖෂධීය,පෝෂනීය වටිනාකමක් තිබේ.

*රුධිරයේ කොලොස්ටරෝල් පාලනය කරයි.
*මෙය හෘද රෝගීන් සදහා දිව ඔසුවකි.
*කරපිංචාවල යකඩ සැලකිය යුතු ප්‍රමාණයක් අඩංගු වේ. 
*ශරීරයට ඇතුළු වන වස විෂ පාලනය කල හැකිය.
*දියවැඩියා රෝගීන්ගේ රුධීර ග්ලුකෝස් පාලනය කිරිමේ හැකියාව ඇත.
*රුධිරය පිරිසිදු කරයි.

**කරපිංචාවල විටමින් A හා C අඩංගු වෙයි.නමුත් මේවා එලෙසින්ම ශරීරයට ලැබෙන්නේ අමුවට ආහාරයට ගැනිමෙනි. පිසීමේ දී සමහර විටමින් කොටස් විනාශ වීයනු ඇත.

තවද සමහර සර්ප විෂට කොළ මිශ්‍රණය අඹරා යුෂපානය කිරිමට ලබා දෙයි. 

කරපිංචා වලට පිළිකා සෛල නැසීමෙ ගුණය ද, සෛල චක්‍රය දික්කර වේගය අඩු කොට වයස් ගත විමද අඩුකිරීමේ ගුණයද ඇත.

කරපිංචා භාවිතය නිරෝගී දිවියක් සදහා උපකාරී වෙයි.

No comments:

Post a Comment