About Us

Monday, November 13, 2017

වට්ටක්කා කළුපොල් මාළුව 



සුපුරුදු පරිදි කරපිංචා,රම්පෙ,සුදු ලූනු,කුරුදු ටිකක්,ළූණු සහ salt ටිකක් දමා දිය කිරි ටිකක් සමඟ අමු තුන පහ,කහ ටිකක්,බැදුපු තුන පහ සහ මිරිස් කුඩු ටිකක් අවශ්‍ය පමණ දමා වට්ටක්කා පිස ගන්න.වට්ටක්කා තැම්බූනු විට මිටි කිරි දමා ගන්න.

කැකුළු සහල් ටිකක්,පොල් ටිකක් හොදින් කබලෙ බැදගෙන වන්ගෙඩියට දමා කරාබු නැටි දෙකක්,සුදුරු ටිකක් සහ කරදමුන්ගු සමඟ කොටා ගන්න.(or grind කර ගන්න)

කොටා ගත් මිශ්‍රණය වට්ටක්කා එකට දමා හොඳි හින්දලා ලිපෙන් ඉවත් කර ගන්න.
(මැටි හට්ටියක පිස ගන්න)

No comments:

Post a Comment