About Us

Friday, December 8, 2017

#චිකන් කරිය#

කෘත්‍රිම රසකාරක කිසිත් එක් නොකළ රසවත් චිකන් කරි එකක්....



Chicken කෑලි කපා හොඳින් සෝදා මිරිස් කුඩු,තුනපහ කුඩු ටිකක්,බැදපු තුනපහ,මස්කරි තුනපහ,කහ චුට්ටක් සහ ලුනු කුඩු එකතු කර හොදින් කලවම් කර විනාඩි 30ක් පමණ තබන්න.

වියලි මිරිස් කරල් කිහිපයක්,සුදු ලූනු බික් කිහිපයක්,කපා ගත් රතු ළූණු,කුරුඳු පොත්තක්,තක්කාලි ගෙඩියක්,කරාබු නැටි දෙකක්,කරදරමුන්ගු යන මේ සියල්ල දමා වතුර ස්වල්පයක් සමඟ අඹරා or grind කර ගන්න.

විනාඩි 30කින් පසු නැවත chicken ටික හොඳින් කලවම් කරගෙන අඹරා ගත් මිශ්‍රණය දමා වතුර හොදි අවශ්‍ය පමණ එක් කරගෙන ළිපෙහි තබා පිස ගන්න.(ලුණු රස,තුනපහ රස පදම අනුව හරිහැටි තිබේ දැයි බලන්න)

chicken කෑලි තැම්බීමට පටන් ගත් විට කරපිංචා කොළ කිහිපයක් සහ රම්පෙ ඉත්තක් දමා ගන්න.(හොඳ සුවඳක් ලැබේ)

ළිපෙන් ඉවතට ගෙන පිළිගන්වන විටදී බැදුපු කරපිංචා කොළ ටිකක් උඩින් දමා ගන්න.(එවිට ලස්සනයි).

No comments:

Post a Comment