About Us

Friday, December 8, 2017

දිය බත් ✴️ජාතියක් නිරෝගී කල දේශීය ආහාරයක්


#දිය බත්#







✴️ජාතියක් නිරෝගී කල දේශීය ආහාරයක්
රැයක්ම වතුරෙන් පොගවා ගත් බත්(ඕනෑම වර්ගයක්)
රතුලූනු
අමු මිරිස්
තක්කාලි
උම්බලකඩ
උකු පොල් කිරි
ලුනු කුඩු
දෙහි යුෂ
රාත්‍රී ඉතිරි වූ බත් එක වැහෙන්න වතුර දාල උදේ වනතුරු තබන්න.උදේට වතුර ටික පෙරා ගෙන අයින් කරන්න.එයට හීනියට කපා ගත් රතුලූනු,අමු මිරිස්, තක්කාලි,උම්බලකඩ දාන්න.අවශ්‍ය පමනට ලුනු සහ දෙහි ඉස්ම එකතු කර උකු පොල් කිරි දමා කලවම් කරන්න හැන්දකින්.
💥දිය බත් ආහාරයට එකතු කර ගැනීම වැදගත් වීමට හේතු...
පොල්කිරි නිසා කොලෙස්ටරෝල් අඩුකර හදවත් රෝග අඩු වේ.පොල් වල අඩංගු අධිලවන
සංයුතිය මානසික ආතතිය ,අධි රුධිර පීඩනය,විජලනය සහ මල බද්ධය වලක්වයි.පොල් කිරි වල ක්‍ෂුද්‍රජීවින් විනාශ කිරීමේ හැකියාවද ඇත.
දිය බත් වලට දෙහි,රතුළුණු සහ අමුමිරිස් එක් කරන නිසා බොහෝ රෝග වලක්වා ශරීරයනැවුම් බවින් තබා ගනියි.දෙහි,රතු ළූණු,අමුමිරිස් ග්‍රන්තිඋත්තේජනය කර, ආහාර රුචිය ඇති කර,දවස පුරා ආහාර දිරවිම සහ
අවශෝෂනයත් පහසු කරනවා.
*තොල් පැලෙන අයට ඇස්රෝග, සමේ ආසාධන,යටිපතුල් වල පැලීම් වැනි ඌශ්නාධික රෝග වලින්
මිදීමට ගුණදායක ඔසුවකි.
*ගැස්ට්‍රයිටීස්(අම්ල පිත්ත)නමින් ආයුර්වේදයේ හඳුන්වන රෝගයට ඉතාමත් ගුණදායකයි.
*ශරීරයේ ඇතිවන දැවිලි ගතිය ඉවත් වෙයි.
*බඩේ තුවාල ඇති අයට ඉතා සුදුසුය.
*බලමාලු, ඉස්සෝ, දැල්ලෝ වැනි උෂ්ණාධික ආහාර ගත් විටදී උදේ ආහාරයට දිය බත් ඉතාම සුදුසුය.
*සෙම් රෝග ඇති විටදී හෝ වැසිකාල වලදී දියබත ගැලපෙන්නේ නැත.
ආහාරමය වශයෙන් දියබත පෝෂණීය ගුණසහිත ශක්ති ජනක ආහාරයක්.දවස පුරා සිරුර නැවුම් බැවින්තබා බොහෝ රෝග වලින් අප රැක දෙන දියබතට මුළුතැන්ගෙයි නිසි තැන ලබා දෙන්නට කාලයයි දැන්..

No comments:

Post a Comment